හරිනිට එරෙහි විශ්වාසභංගයට සහාය නොදෙන බවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය කියයි

අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට තම පක්ෂය සහාය නොදැක්වීමට තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පවසනවා.

මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මේ බව සඳහන් කළා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි සාක්ෂි ඉදිරිපත්ව නොමැතිවීම හේතුවෙන් තම පක්ෂය මෙම තීරණය ගත් බවයි ඔහු මෙහිදී පැවසුවේ.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජය පිළිබඳ විවිධ මතගැටුම් පැවතිය ද පුද්ගලිකව කාන්තාවකට එරෙහිව ගෙනයන අපහාසාත්මක ක්‍රියාවලට තම පක්ෂය හවුල් නොවන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ.

ඒ, අනුව අදාළ විශ්වාසභංග යෝජනාවට තම පක්ෂය අත්සන් නොකරන බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?