හෙට සිට දිස්ත්‍රික්ක 12ක කොවිඩ් එන්නත බෙදෙන හැටි

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලදී සයිනොෆාම් එන්නත ලබාදීම හෙට(08) ආරම්භ කරන බව යුධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මෙම දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කෙරෙන්නේ ඊයේ උදෑසන මෙරටට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මිලියනයක් හාවිතයෙන්.

තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් ලබන 09 වැනිදා මෙරටට රැගෙන ඒමට නියමිතයි.

එම එන්නත් බස්නාහිර,කුරුණෑගල,රත්නපුර,යාපනය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මැයි මස එන්නත් ලබාගත් පිරිසට දෙවන මාත්‍රාව වශයෙන් ලබා දීමට නියමිතයි.

එසේම හෙට සිට දිස්ත්‍රික්ක 12ක් ආවරණය කරමින් සිදුකරන එන්නත්කරණ වැඩසටහන්වලදී වයස අවුරුදු  60ට වැඩි ජ්‍යෙෂ්ට පුරවැසියන්ට, කොරෝනා මර්ධන වැඩපිලිවෙලේ ඉදිරිපෙළ කටයුතු කරන රජයේ සේවකයින්ට,ඇඟළුම් කම්හල් සේවකයින්ට සහ සංකූලතා නොපෙන්වන ගර්භනී කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙනු ඇති.

එසේම කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීමට ගතයුතු සියලුම ක්‍රියාමාර්ග මේවන විට සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශවලට අනුකූලව ගෙන ඇතත් දිනකට ආසාදිතයින් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීම සැලකිය යුතු තත්ත්වයක් බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ.එසේම රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් සමඟ සාකච්ඡා කර සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය කරන බවත් යුධ හමුදාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48