හෙට සිට දිස්ත්‍රික්ක 12ක කොවිඩ් එන්නත බෙදෙන හැටි

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලදී සයිනොෆාම් එන්නත ලබාදීම හෙට(08) ආරම්භ කරන බව යුධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මෙම දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කෙරෙන්නේ ඊයේ උදෑසන මෙරටට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මිලියනයක් හාවිතයෙන්.

තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් ලබන 09 වැනිදා මෙරටට රැගෙන ඒමට නියමිතයි.

එම එන්නත් බස්නාහිර,කුරුණෑගල,රත්නපුර,යාපනය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මැයි මස එන්නත් ලබාගත් පිරිසට දෙවන මාත්‍රාව වශයෙන් ලබා දීමට නියමිතයි.

එසේම හෙට සිට දිස්ත්‍රික්ක 12ක් ආවරණය කරමින් සිදුකරන එන්නත්කරණ වැඩසටහන්වලදී වයස අවුරුදු  60ට වැඩි ජ්‍යෙෂ්ට පුරවැසියන්ට, කොරෝනා මර්ධන වැඩපිලිවෙලේ ඉදිරිපෙළ කටයුතු කරන රජයේ සේවකයින්ට,ඇඟළුම් කම්හල් සේවකයින්ට සහ සංකූලතා නොපෙන්වන ගර්භනී කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙනු ඇති.

එසේම කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීමට ගතයුතු සියලුම ක්‍රියාමාර්ග මේවන විට සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශවලට අනුකූලව ගෙන ඇතත් දිනකට ආසාදිතයින් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීම සැලකිය යුතු තත්ත්වයක් බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ.එසේම රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් සමඟ සාකච්ඡා කර සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය කරන බවත් යුධ හමුදාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?