සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එක්වීම සම්බන්ධයෙන් පක්ෂ දෙක කටයුතු කරන ආකාරයේ සාර්ථකත්වයක් පවතින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බන්ඩාර පවසනවා.
අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවත් එම යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බන්ඩාර කියා සිටියා.
”පක්ෂ දෙකක් එකතු වෙද්දී යම් යම් කාරණා වලට එකඟත්වයට පත් වෙන්න වෙනවා, පක්ෂ දෙකක් නේ මේක. ගෙදරක වුණත් දෙන්න එකඟත්වයකට එද්දිත් ප්‍රශ්න තියෙනවා නේ. සජිත් ප්‍රේමදාස මහත්තයට තමයි වැඩි ජනතා ආකර්ශනයක් තියෙන්නේ, පළපුරුද්ද අත්දැකීම තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට, ඉතින් මේ දෙන්නම එක්වෙලා මේ ගමන යන්න ඕනේ.” යැයි ඔහු වැඩිදුරටත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ අවධාරණය කරනු ලැබුවා.














