2026 වසරේ පළමු වාරය අදින් ඇරඹේ

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) දිනයේ ආරම්භ වනවා.

ඒ, අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් අද (05) සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරනවා.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ සහ මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යනු ලබන පාසල් 100ක පමණ අධ්‍යන කටයුතු අද දිනයේ ආරම්භ නොවන බවයි.

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 09 වනදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බවයි
අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේ.

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ පළමු ශ්‍රේණිය සඳහා ජනවාරි 29 වනදාත්, 06 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 21 වනදාත් නව විෂය මාලාව ආරම්භ වනවා.

කෙසේ වෙතත් ශිෂ්‍යත්ව ප්‍රතිපල මත 06 ශ්‍රේණිය සඳහා වෙනත් පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු අද (05) දිනයේ සිට ඉදිරි සතියක කාලයක් තුළ සිදුකිරීමේ හැකියාව පවතිනවා.

2026 පළමු පාසල් වාරයේ පළමු අදියර අද සිට එළඹෙන 09 වනදා දක්වා පැවැත්වෙන අතර, තාවකාලිකව අත්හිටුවනු ලැබු උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12 වනදා සිට පැවැත්වීම ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?