IPL වෙන්දේසියේ දී මුස්තෆිසුර් රහ්මාන්ව මිලදී ගත් ෂාරුක් ඛාන්ව ද්‍රෝහියෙකු කරයි

2026 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට බංග්ලාදේශ ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක් බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට චෝදනා එල්ලකර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මස 16 වනදා අබුඩාබි හිදී පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තෆිසුර් රහ්මාන් මිලදී ගත්තා.

ඒ, ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 9.20ක ලංසු මුදලක් තබමින්.

භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක් වන උත්තර් ප්‍රදේශ් ව්‍යවස්ථාදායක සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සංගීත් සෝම් පවසන්නේ බංග්ලාදේශය තුළ හින්දු භක්තිකයින්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට එරෙහි ම්ලේච්ඡ ක්‍රියා ඉහළ යමින් තිබිය දී එවැනි රටක ක්‍රීඩකයෙක් මිලදී ගැනීම තුළින් ෂාරුක් ඛාන් ද්‍රෝහියෙකු වන බවයි.

මීරුට්හි පැවති ප්‍රසිද්ධ උත්සවයක දී සංගීත් සෝම් පවසා ඇත්තේ, එවැනි ද්‍රෝහී ක්‍රියාවක් සිදුකළ ෂාරුක් ඛාන්ට ඉන්දියාව තුළ ජීවත්වීමට අයිතියක් නොමැති බවයි.

එමෙන්ම අයි.පී.එල් තරගාවලියට බංග්ලාදේශ ක්‍රීඩක මුස්තෆිසුර් රහ්මාන් ඉන්දයාවට පැමිණියහොත් ඔහුට ගුවන් තොටුපළෙන් එළියට අඩියක් තැබීමට ඉඩ නොතබන බවයි සංගීත් සෝම් අනතුරු අඟවා ඇත්තේ.

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
19
+1
0
+1
3
+1
3
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?