තලපති විජේට නාමල්ගෙන් සුබ පැතුම්

දැඩි ශ්‍රී ලංකා විරෝධී දේශපාලනයක නිරතවන දකුණු ඉන්දීය සිනමා තරුවක් වන තලපති විජේට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුභ පැතුම් එක්කර තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස සුභ පැතුම් එක්කර ඇත්තේ.

“තලපති විජේ සැමවිටම මගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්. ඔහුගේ සිනමා ගමන සහ ඔහු රිදී තිරයට ගෙන ආ ශක්තිය සැබවින්ම විශේෂ සහ අමතක නොවන ඒවා වේ. ඔහු මෙම පරිච්ඡේදය අවසන් කර නව ගමනකට පිවිසෙන විට, සිනමාවට නිසැකවම ඔහුගේ පැමිණීම සහ ජවය මගහැරෙනු ඇත. ඔහුට සාර්ථකත්වය සහ ඉදිරි සෑම දෙයකම සුභ පැතුම්.”

මේ අතර සිනමා නළු විජේගේ මීළඟට පැමිණීමට නියමිත චිත්‍රපටයවන ජන නායගන් චිත්‍රපටයේ ගීත එළිදැක්වීමේ උත්සවය ඊයේ (27) මැලේසියාවේ දී පැවැත් වුණා.

මැලේසියාවේ බුකිට් ජලීල් ජාතික ක්‍රීඩාංගනයේදී පවතී මෙම උත්සව අවස්ථාවට වාර්තාගත පිරිසක් පැමිණ සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තලපති විජේගේ ජන නායගන් චිත්‍රපටය එළඹෙන ජනවාරි මස 09 වන දින ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබෙනවා.

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
9
+1
1
+1
1
+1
1
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?