තලපති විජේට නාමල්ගෙන් සුබ පැතුම්

දැඩි ශ්‍රී ලංකා විරෝධී දේශපාලනයක නිරතවන දකුණු ඉන්දීය සිනමා තරුවක් වන තලපති විජේට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුභ පැතුම් එක්කර තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස සුභ පැතුම් එක්කර ඇත්තේ.

“තලපති විජේ සැමවිටම මගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්. ඔහුගේ සිනමා ගමන සහ ඔහු රිදී තිරයට ගෙන ආ ශක්තිය සැබවින්ම විශේෂ සහ අමතක නොවන ඒවා වේ. ඔහු මෙම පරිච්ඡේදය අවසන් කර නව ගමනකට පිවිසෙන විට, සිනමාවට නිසැකවම ඔහුගේ පැමිණීම සහ ජවය මගහැරෙනු ඇත. ඔහුට සාර්ථකත්වය සහ ඉදිරි සෑම දෙයකම සුභ පැතුම්.”

මේ අතර සිනමා නළු විජේගේ මීළඟට පැමිණීමට නියමිත චිත්‍රපටයවන ජන නායගන් චිත්‍රපටයේ ගීත එළිදැක්වීමේ උත්සවය ඊයේ (27) මැලේසියාවේ දී පැවැත් වුණා.

මැලේසියාවේ බුකිට් ජලීල් ජාතික ක්‍රීඩාංගනයේදී පවතී මෙම උත්සව අවස්ථාවට වාර්තාගත පිරිසක් පැමිණ සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තලපති විජේගේ ජන නායගන් චිත්‍රපටය එළඹෙන ජනවාරි මස 09 වන දින ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබෙනවා.

2 2
  1. ප්රසිද්දියේ කච්චතිව් ඉන්දියාවට ගන්නවා කියපු එකාට කත් අදින අම්බරුවා තාත්තගේ නමත් කනවා උබ කවදාවත් ලංකාවේ ජනපති වෙන්නෑ

  2. ඒකෙ පුදුම වෙන්න දෙයක් නැහැ. එයාල ලේනෑයො. රාජපක්ෂ, ජේ ආර්, බණ්ඩාරනායක පරම්පරා ගැන හොයල බැලුවහම පේනව; සුද්දො දකුණු ඉන්දියාවෙන් ගෙන්වල සිංහල නම්බුනාම, පාලන බලතල ලබාදීල තමන්ගෙ වැඩකරවගන්න ගෙනාපු එවුන්ගෙ පරම්පරාවල අය කියල. ඉතිං උන්ට මේ රට ජාතිය ගැන කැක්කුමක් නැහැ. ඉන්දියානු දේශපාලකයන් වගේම තමයි. පුළුවන් තරම් හොරකම්, ජඩකම්කරමින් සැපවිඳිනව.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14