පසුගිය නොවැම්බර් මස 22 වනදා පහළ කඩුගන්නාව ප්රදේශයේ නාය යාම සිදුවූ ස්ථානය අද (27) ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් නිරීක්ෂණය කළා.
මෙම පිරිස පහළ කඩුගන්නාවේ සිට නුවරඑළිය දක්වා මාර්ගයේ මාර්ගයේ නාය යෑමට ලක්වූ ස්ථාන නිරීක්ෂණය කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
එම නිරීක්ෂණවලින් අනතුරුව මූලික වාර්තාවක් සකස්කර අදාළ ස්ථානවල නාය යෑම් වැළක්වීම තාක්ෂණික උපදෙස් ලබාදීමට කටයුතු කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1














