ජාතික සුරක්ෂිත දිනය අදට (26) යෙදී තිබෙනවා.
2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පසු, 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් 26 වනදා සුරක්ෂිත දිනය ලෙස නම් කරනු ලැබුවා.
සුනාමිය ඇතුළු ආපදාවලින් මියගිය පිරිස් සිහිකිරීම සහ ආපදාවන් පිළිබඳ පූර්ව සූදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණු කර ගනිමින් මෙම දිනය සමරනු ලබනවා.
ඒ, අනුව අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවයක් රකිමින් සුනාමියෙන් මියගිය පිරිස සිහිපත් කරනවා.
ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් උත්සවය අද (26) පෙරවරුවේ පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වෙනවා.
සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21 ක් සපිරෙන අතර, 2004 වර්ෂයේ සිදුවූ එම ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගිය ගොස්, පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වුණා.




