ලබන වසරේ සිට 06 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් මිලියනයකට අධික සංඛාවකට සනීපාරක්ෂක තුවා

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්නගේ සහභාගීත්වයෙන් ඊයේ (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත් වුණා.

2024 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ග්‍රාමීය, වතු සහ ආර්ථික වශයෙන් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුවියන් ඉලක්ක කර ගනිමින් ජාතික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන, 2026 වසරේ සිට දිවයින පුරා පිහිටි පාසල් ආවරණය වන පරිදි 06 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ඒ වෙනුවෙන් රජය රුපියල් බිලියන 1.44ක් වෙන් කර ඇති අතර සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා සිසුවියන් වෙත වාර්ෂිකව රුපියල් 1,440ක් වටිනා තිළිණපතක් ප්‍රදානය කිරීමටත්, පළාත් අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත එම තිළිණපත් බෙදා හැරීමටත් නියමිතයි.

සනීපාරක්ෂක ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සහතික ලත් ආයතන හරහා පාසල් වෙත ගොස් සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ කටයුතු ඒ අනුව සිදු කෙරෙනවා.

මෙහිදී සිසුවියන්ට තම අභිමතය පරිදි අවශ්‍යතාව අනුව සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම, ප්‍රදේශයන්හි භූගෝලීය විෂමතාවන් මත වවුචර්පත් සහ සනීපාරක්ෂක තුවා බෙදාහැරීමේ ක්‍රමවේද සකස් කිරීම සහ පරිසර හිතකාමී ලෙස භාවිතයෙන් පසු සනීපාරක්ෂක තුවා ඉවත දැමීමේ ක්‍රමවේදයක් පාසල් තුළ ක්‍රියාත්මක කිරීම වැනි කරුණු කෙරෙහිද මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48