ගුරු සංගම් අගමැතිනිය හමුවෙයි – ජනවාරි 05ට කලින් පිළිතුරක් නැත්නම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට

ගුරු වෘත්තිය සමිති සහ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (22) පැවැත් වුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගුරු වෘත්තිය සංගම් අග්‍රාමාත්‍යවරිය සමඟ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මෙතෙක් කලක්, පස්වරු 2.00 දක්වා පාසල් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එකම ස්ථාවරයක සිටි අග්‍රාමාත්‍යවරිය අද පැවති සාකච්ඡාවේ දී යම් මට්ටමකට තමන්ගේ ප්‍රකාශවලට ඇහුම්කන්දීමක් සිදුකළ බවයි ගුරු වෘත්තිය සංගම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

පාසල් කාලසීමාව පස්වරු 2.00 දක්වා දීර්ඝ නොකිරීමේ ගුරු වෘත්තිය සංගම්වල ඉල්ලීම පිළිබඳව අධ්‍යාපන බලධාරීන් විසින් යළි සලකා බලා එම තීරණය කඩිනමින් දැනුම්දීමට එකඟ වූ බව ද ගුරු වෘත්තිය සංගම් වැඩිදුරටත් සඳහන් කළා.

ජනවාරි මස පස් වැනි දිනට පෙර ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුන හොත් අනිවාර්යයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි එම සංගම් මෙහිදී අනතුරු අඟවා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06