බස් රථ සේවකයින්ට කසිප්පු සප්ලයි කළ ගැබිනිය අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු පැකට් කර, දුර ගමන් සේවා බස් රථ සේවකයින් සදහා විකිණීමේ ජාවාරමක නිරත වූ ගැබිනි කාන්තාවක්ව වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) දින සිදුකළ වැටලීමක දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ගැබිනිය කාන්තාවක්.

පොලීසිය වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකාරිය තම සැමියා සමඟ මත්පැන් පැකට් කරමින් සිට ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී කසිප්පු බෝතල 96ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගැබිනි කාන්තාවක්, දුර ගමන් සේවා බස් රථ සේවකයින්ට මත්පැන් පැකට් අලෙවිකරණ බවට පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සහ කසිප්පු තොගය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?