ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් සඳහා ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියකට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබෙනවා.
ලෝක බැංකු සමූහය නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ රජයේ සේවාවන් නවීකරණයකිරීම, එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව මහජනතාවට සමීපකරවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බවයි.
ඒ, අනුව මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශය ප්‍රවර්ධනය කිරීම ජනතාවගේ සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට පිටුවහලක් වනු ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
1
+1




