සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ පොලිසිය විසින් වටලා තිබෙනවා.
විදේශීය කතුන් යොදාගෙන සිදුකරගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසය කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වටලා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ගණිකා සේවය සැපයීමට සිටි විදේශ ජාතික කාන්තාවන් 09 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු, කළමණාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා වයස අවුරුදු 58 ක් වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් විදෙස් ජාතික කාන්තාවන් සියලුදෙනාම තායිලන්ත ජාතික කාන්තාවන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
ඔවුන් වයස අවුරුදු 25ත් 41ත් අතර වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු පිරිස වැඩිදුර විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.




