තායි කතුන් පිරිමින්ට විකිණූ තැනක් කොල්ලුපිටියෙන් වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ පොලිසිය විසින් වටලා තිබෙනවා.

විදේශීය කතුන් යොදාගෙන සිදුකරගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසය කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වටලා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ගණිකා සේවය සැපයීමට සිටි විදේශ ජාතික කාන්තාවන් 09 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු, කළමණාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා වයස අවුරුදු 58 ක් වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් විදෙස් ජාතික කාන්තාවන් සියලුදෙනාම තායිලන්ත ජාතික කාන්තාවන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔවුන් වයස අවුරුදු 25ත් 41ත් අතර වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු පිරිස වැඩිදුර විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15