මාලිමාවට බලය හිමි බණ්ඩාරවෙල, කළුතර මහ නගර සභාවල අයවැය දිනයි – රත්නපුර දෙවනවරටත් පරදී

ස්වාධීන කණ්ඩායමක් සමඟ එක්ව ජාතික ජනබලවේගය බලය පිහිටුවා ඇති බණ්ඩාරවෙල මහ නගර සභාවේ අයවැය අද (19) ජයග්‍රහණය කළා.

අයවැය සම්බන්ධයෙන් සිදුකළ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 09ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 06ක්.

ඒ, අනුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 03කින් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා.

මෙම අයවැය ඡන්ද විමසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා සහභාගී වී සිටියේ නැහැ.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර මහනගර සභාවේ අයවැය දෙවනවර කියවීම ද අද (19) දින පරාජයට පත්ව තිබෙනවා.

මෙම ඡන්දයේ දී අයවැයට පක්ෂව ඡන්ද 13ක් ද, විපක්ෂව ඡන්ද 14ක්ද හිමි වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 01කින් රත්නපුර මහනගර සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත් වුණා.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර මහ නගර සභාවේ අයවැය අද (19) ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනාගේ සහායෙන් මෙම අයවැය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?