දිවයිනේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදි ඇතැම් ප්‍රාදේශිය දේශපාලනඥයින්ගෙන් විවිධ බලපැම් එල්ලවන බවත් එය නතර කරදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරණ බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජි.ජිවරත්න මහතා පවසනවා.
ඒ මහතා ඉල්ලිමක් කරමින් සඳහන් කරන්නේ කොවිඩ් එන්නත්කරණ කටයුතු සිදුකරණ මධ්‍යස්ථාන සදහා ප්‍රාදේශිය දේශපාලනඥයින් සම්බන්ධ විම වහාම නතර කිරිමට කටයුතු කරණ ලෙසයි.
කොවිඩ් එන්නත්කරණයේ දි ප්‍රාදේශිය දේශපාලනඥයින්ගේන් එල්ලවන බලපැම් නතර කිරිමට කටයුතු කළ යුතු අතර මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් වෛද්‍යවරු හෙද හෙදියන් හා අනිකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල කොවිඩ් එන්නත් කිරිමේ වැඩසටහනින් ඉවත්විමේ සුදානමක් පවතින බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
මේ පිළිබද අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ “කොවිඩ් එන්නත් කරණ වැඩසටහන පිළිබද තින්දු තිරණ ගන්නේ සෞඛ්‍ය අංශ මගින්. නමුත් මේ සදහා ප්‍රාදේශිය දේශපාලනඥයින්ගෙන් විවිධ බලපෑම් එල්ලවෙනවා. මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්යමණ්ඩල පාලනය කිරිමට මට බැරිවෙනවා. කොවිඩ් එන්නත් කිරිමේ දි ප්‍රාදේශිය දේශපාලනඥයින් කරණ බලපෑම වහා නතර කළ යුතුයි. මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් වෛද්‍ය වරුන්ගේ හෙද හෙදියන්ගේ වෘත්තිය සමිති අපිට දන්වා තියෙනවා කොවිඩ් එන්නත් කරණ කටයුතු වලින් ඉවත් වෙනවා කියා”