හෙට සහ අනිද්දා රැස්වීම ගැන පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කරනු ලැබූ ඉල්ලීම් පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව හෙට (18) සහ අනිද්දා (19) දෙදිනම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් වනවා.

අද (17) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා.

දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිතයි.

අනතුරුව අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බවයි පැවසෙන්නේ.

දෙසැම්බර් 19 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති අතර එදින රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කරගැනීමට නියමිතව ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50
Video thumbnail
මහ බැංකුවේ අධිපති හා මුදල් ලේකම්ව කැඳවන්න දැනටමත් ලියුම් ගහලා ඉවරයි..ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න
06:24
Video thumbnail
එහෙ මෙහෙ පනින වඳුරු මනසක් අපිට තියෙන්නේ..අපි මනුෂ්‍යත්වයේ දිවයින වෙමු
18:56
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48