රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි සැරයන් රිය අනතුරකින් මරුට

වැලිපැන්න පොලිස් වසමේ අලුත්ගම – මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ හන්දිය අසල රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙක් රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (15) රාත්‍රිය සිදු වූ මෙම රිය අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිපැන්න පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙක්.

අලුත්ගම දෙස සිට මතුගම දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියා විසින් නැවැත්වීමට සංඥා කිරීමේදී යතුරුපැදිය එම පොලිස් නිලධාරියාගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ නිලධාරියා දර්ගා නගයේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් නිලධාරියෙක්.

මෘත ශරීරය දර්ගා නගරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, යතුරුපැදිකරු තුවාල ලබා නාගොඩ රෝහලේ ප්‍රථිකාර ලබනවා.

වැලිපැන්න පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
18
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?