ආපදාවෙන් අනාරක්ෂිත භාවයට පත් දරුවන් ගැන තොරතුරු ඉල්ලන පුද්ගලයින් පිළිබඳ පොලිසියේ අවදානය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දෙමාපියන් අහිමිව අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳ විවිධ පුද්ගලයින් විසින් එම දරුවන් රැකබලා ගැනීම හා ඔවුන්ගේ ඉදිරි ජීවන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දරුවන් ඔවුන් භාරයට පත් කරන ලෙස ඉල්ලීම් කරමින් විවිධ දුරකථන අංක පල කරමින් ඒවාට දරුවන්ගේ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පණිවිඩ සංසරණය වන බවට පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා.

මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දුරකථන අංක පල කරනු ලබන ඇතැම් නොහඳුනන පුද්ගලයින් විසින් අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳ තොරතුරු ඉල්ලා ලබාගැනීමෙන් පසු එම දරුවන්ගේ භාරකරුවන් ලෙස පෙනී සිටිමින් සහන සපයන මුවාවෙන් විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා යොමු කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම දරුවන් ලිංගික අපයෝජන, ළමා අපචාර, මෙහෙකාර සේවයේ යෙදවීම හා ළමුන් කෲරත්වයට පත් කිරීම් ඇතුළු අපරාධ සඳහා මෙම අනාරක්ෂිත දරුවන් ලක්වීමද සිදු විය හැකි බව ද පොලිසිය අනතුරු අඟවනවා.

එම දරුවන් නිසි භාරකාරත්වයට ගෙන ඔවුන් සුරක්ෂිතව පෝෂණය කිරීමේ හෝ දරුකමට හදා වඩා ගැනීමට යම් තැනැත්තෙකුට සද්භාවයෙන්ම අවශ්‍යතාවයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන සාමාන්‍ය පොදු නීතිය යටතේ දිසා අධිකරණයේ නඩු කටයුත්තක් ආරම්භ කිරීමෙන් පසු එම කටයුතු ඉටුකර ගත හැකි වනු ඇති.

ඒ, අනුව සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස දුරකථන අංක පලකරමින්, අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳ විමසීම් කරන නොහඳුනන තැනැත්තන් වෙත එම දරුවන්ගේ තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින ලෙසට පොලිසිය ඉල්ලා සිටිනවා.

එවැනි දෙමව්පියන් අහිමිව අනාරක්ෂිත තත්ත්වයට පත් දරුවන් සම්බන්ධව යම් අයෙකුට සහනයක් ලබාගැනීමට අවශ්‍ය අවස්ථාවකදී ළමා රක්ෂණ අධිකාරිය හෝ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය දැනුවත් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26