ජනපති අනුරගෙන් ට්‍රම්ප් ජනපතිට තුති

ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සමඟ සිටීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූතිවන්ත වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පවසා තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් ආපදා තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දුන් අවස්ථාවේ කඩිනම් C-130 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යන්න දෙකක් මෙරටට ලබාදීම සහ ඩොලර් මිලියන 02ක හදිසි ආධාර ලබාදීම, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තුළ ස්ථිරව මුල් බැසගත් කල් පවතින හවුල්කාරිත්වයේ ශක්තිය සහ ජනතාව අතර සමීප සබඳතා පිළිබිඹු කරන බවයි අදාළ එක්ස් පණිවුඩය මඟින් ජනධිපතිවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?