වාස් සහ වසීම් පසු කරමින් අංක එක වූ මිචෙල් ස්ටාක්

ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් ක්‍රීඩාකළ වමත් පන්දු යවන්නන්ගේ කඩුලු ලබා ගැනීමේ ලැයිස්තුවේ පළමු තැන ගැනීමට ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත් වුණා.

ඒ අද (04) එංගලන්තය එරෙහිව ආරම්භ වූ අළු බඳුන තරගාවලියේ දෙවන තරගයේ සිය 415 වෙනි ටෙස්ට් කඩුල්ල දවා ගැනිමත් සමඟයි.

වමත් වේග පන්දු යවන කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ මිචෙල් ස්ටාක් පෙරමුණ ගැනීමට පෙර, එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ පකිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් විසින්.

ඒ කඩුලු 414 ක් දවා ගනිමින්.

එමෙන්ම ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ද එම ලයිස්තුවේ තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ කඩුලු 355ක් බිඳ දමමින්.