හානි වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකන්න – අගමැතිනිය කියයි

අපදාවට පත් ජනතාවට සහන ලබා දීම මෙන්ම අපදාවෙන් හානි වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත්, හදිසි ආපදාතත්වය හමුවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන සහ මහජනතාව ලබා දෙන සහයෝගය අගය කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (02) පැවති කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාව ගංවතුර තත්වය පහව යන ප්‍රමාණය අනුව ක්‍රමයෙන් නැවත ස්ථිර වාසස්ථාන වෙත යොමු කරමින් තිබෙන බවත්, අවතැන් කඳවුරු 110ක පමණ මේ වන විට ජනතාව තාවකාලික නවා⁣තැන් ගෙන ඇති බවත් නිලධාරීන් මෙහිදී පවසා සිටියා.

කොළඹ දිස්ත්‍රික්කයේ අවතැන් ජනතාව සඳහා දිනකට පිසූ ආහාර පැකට් එක්ලක්ෂ පනස් දහසක් පමණ ලබා දිය යුතුව ඇති බවත් රාජ්‍ය ආයතන සහ ස්වේච්ඡා සංවිධාන විසින් අදාළ ආහාර ලබා දිම සිදු කරගෙන යන බවත් නිලධාරීන් පවසා සිටියා.

අඹතලේ ජල පවිත්‍රාගාරවල කිසිදු ගැටළුවක් නැති බවත් කොළඹ දිස්ත්‍රික්කයට අවශ්‍ය පානීය ජල සැපයුම අඛණ්ඩව ලබා දිය හැකි බවත් නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.

ගංවතුර බැසගිය ප්‍රදේශවල නිවාස පිරිසිදු කිරීම් සිදු කරමින් යළි පදිංචි කිරීම් සිදුකරගෙන යන බවද නිලධාරීන් දන්වා සිටියා.

නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි සාලි,  නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂන නානායක්කාර, එරංග ගුණසේකර , කෞෂල්‍යයා ආරියරත්න , සුනිල් වටගල, චතුරංග අබේසිංහ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, විපක්ෂ මන්ත්‍රිවරුන් වන රවි කරුණානායක, මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර් දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර සහ මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලි බල මණ්ඩලය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් සහ Zoom තාක්ෂණය ඔස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුද මේ අවස්ථාව සඳහා එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00