ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 300ක් දුරින් – මහනුවර සහ නුවරඑළියට අද වැසි

ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කිලෝ මීටර් 300ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඊට අමතරව ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (01) පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
11
+1
0
+1
7
+1
37
+1
9
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?