ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදුව නැහැ – ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන්

ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළවන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ සෑම වසරකම අධික වර්ෂාව පවතින කාලයේ ශ්‍රීපාද මළුවට පහළින් පර්වතයේ වැවී ඇති ශාක වර්ග වර්ෂාවත් සමඟ පහළට කඩා වැටෙන බවයි.

එය ස්වාභාවික සිද්ධියක් බවත්, මෙම සිද්ධිය සිදු වී ඇත්තේ රත්නපුර මාර්ගයේ බවත්, ඉන් ශ්‍රීපාද මළුවට හෝ ශ්‍රී පාදස්ථානයට කිසිදු බලපෑමක් සිදු වී නොමැති බවයි උන් වහන්සේ පැවසුවේ.

මේ අතර හැටන් සහ රත්නපුර මාර්ගය සම්බන්ධවන ඉදිකටු පහන මාර්ගයට එවැනි ශාක සහිත පස් කණ්ඩියක් ඊයේ (29) දින පහළට වැටී ඇති බවත්, එසේ වැටුණු පස් ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවත් හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් සහ අරුණ තවදුරටත් රිමාන්ඩ් - මූණත් වහගෙන නිල්පාට බස් එකෙන් ගිය හැටි
00:48
Video thumbnail
හිටපු පොලිස්පතිගේ එළොව යෑම ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - CD වික්‍රමරත්න ප්‍රබල සාක්ෂියක් දුන්නා
09:16
Video thumbnail
BREAKING "මේකට ආණ්ඩුව වගකීම ගන්න ඕනේ" - හිටපු පොලිස්පතිගේ මරණය ගැන විශේෂ අනාවරණයක්
01:14
Video thumbnail
හිටපු පොලිස්පති ගැන ප්‍රබල හෙළිදරව්වක් - හිටපු පාලකයෝ එක්ක සමීප සම්බන්ධකම් තිබුණා ?
03:42
Video thumbnail
මේ රටේ අපි තමයි ඊළඟ විකල්පය..අපි විපක්ෂයේ ඉන්න කැමති නෑ අපිට ඕන ඊළඟට රටේ බලය ගන්න
05:10
Video thumbnail
ඉල්ලා අස් වෙන්නේ නැත්තම් අස් කරන්න - කිසිවක් නොකර නිදා ගැනීම ගැන ඇමති වග කියන්න ඕනි
06:14
Video thumbnail
කවුරුත් නොදන්න හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ කතාව මෙන්න
03:14
Video thumbnail
මැදපෙරදිග යුද්දය නිසා ඉන්ධන මිල ඉහළ යයිද ? යුද්දයට කළින් තිබ්බ මිලට එන්නේ නෑ
03:50
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46