ගම්පහ නගරය සඳහා විශේෂ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශ වල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර, එම වර්ෂා තත්ත්වය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 06 ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවනු ලබනවා.
ඒ අනුව ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ මෙන්ම නගරයේ වෙළඳසැල් හිමිකරුවන්ගෙන්ද ඉල්ලා සිටිනවා.





