චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වූ කොළඹ තරු හෝටලයේ සූපවේදියෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
එම හෝටලයේ පැවති උපන්දින සාදයට සහභාගී වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
මේ අතර එම උපන්දින සාදයට එක්වූ තවත් හය දෙනෙකු කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අතර ප්‍රවීණ චිත්‍රපට නළු ජැක්සන් ඇන්තනීගේ දියණියද සිටින බවයි වාර්තා වන්නේ.
මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ සංඛ්‍යාව 21ක්.
කෙසේ වෙතත් තවත් එක් පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ සඳහා මේ වනවිටත් අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.














ජැක්සොන් අන්තොනි කීව මහින්ද එන්නෙ බුදු හාමුදුරුවන්ගෙ පරම්පරාවෙන් කියලා; එදා ඉන්දල ජැක්සොන්ට කිරි ඉතිරෙන්න මහින්ද මහත්තයා සෙලකුවා; තනතුරු දුන්නා; සල්ලි ගහන්න පුලුවන් හෙම අවස්තාවක් සලසා දුන්නා; දෙනුත් මහින්ද මහත්තයා බලයෙ නිසා, ජැක්සොන් අන්තෝනිගෙ පවුලෙ අයට කිසිවක් නීතියෙන් සිදුවෙද සැකයක් මතුවෙනවා