රටම කතා වූ චන්දිමාලගේ උපන්දින පාටියට ගිය ජැක්සන්ගේ දියණිය අත්අඩංගුවට

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වූ කොළඹ තරු හෝටලයේ සූපවේදියෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම හෝටලයේ පැවති උපන්දින සාදයට සහභාගී වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර එම උපන්දින සාදයට එක්වූ තවත් හය දෙනෙකු කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අතර ප්‍රවීණ චිත්‍රපට නළු ජැක්සන් ඇන්තනීගේ දියණියද සිටින බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ සංඛ්‍යාව 21ක්.

කෙසේ වෙතත් තවත් එක් පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා මේ වනවිටත් අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

  1. ජැක්සොන් අන්තොනි කීව මහින්ද එන්නෙ බුදු හාමුදුරුවන්ගෙ පරම්පරාවෙන් කියලා; එදා ඉන්දල ජැක්සොන්ට කිරි ඉතිරෙන්න මහින්ද මහත්තයා සෙලකුවා; තනතුරු දුන්නා; සල්ලි ගහන්න පුලුවන් හෙම අවස්තාවක් සලසා දුන්නා; දෙනුත් මහින්ද මහත්තයා බලයෙ නිසා, ජැක්සොන් අන්තෝනිගෙ පවුලෙ අයට කිසිවක් නීතියෙන් සිදුවෙද සැකයක් මතුවෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53