දැදුරු සහ කුඹුක්කන් ඔය ආශ්‍රිතව අධි ගංවතුර අවදානමක් – මල්වතු ඔය ද්‍රෝණිය ගැනත් අනතුරු ඇඟවීමක්

කුඹුක්කන් ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඊයේ (26) රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නත්තල, කුඹුක්කන, මාදුරු කැටිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට මෙන්ම බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔක්කම්පිටිය හා ගාමිණිපුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට ද අයත් කුඹුක්කන් ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 12 ක කාලය තුළ අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව එම ප්‍රදේශවල කුඹුක්කන් සියට ආසන්නව පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථ වාහන රියදුරන් සහ මගින් ඒ සම්බන්ධව දැඩි වීමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් දැනුම් දෙනවා.

මේ අතර දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශවලට පසුගිය පැය 24 තුළ ඇදහැලෙමින් පවතින සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මගින් මේ වන විටත් තත්පරයට ඝණ අඩි 33,000 ක් තරම් සීග්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතිනවා.

එම තත්ත්වය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙ ජල මාපකවල කියවීම් අනුව දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ. බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය වන බවට අනතුරු අඟවා තිබෙනවා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මල්වතු ඔය ද්‍රෝණියට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම වර්ෂාපතනය හා වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල කියවීම් අනුව මල්වතු ඔයෙහි ජල මට්ටම සුළු ගංවතුර මට්ටමට ආසන්නව පවතිනවා.

එම ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි අතර ඉදිරියේදී මෙම ජලමට්ටම තවත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවනු ලබනවා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් සහ මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32