බණ්ඩාරවෙල පවත්වාගෙන ගිය අක්කර 08ක නීති විරෝධී වගාවන් වටලයි

බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් සහ දියතලාව යුධ හමුදා කඳවුරේ නිළධාරින් කණ්ඩායමක් ඒකාබද්ධව හල්දුම්මුල්ල පොලිස් වසමේ ඉළුක්තැන්න රක්ෂිත ප්‍රදේශයේදී දින 02 ක් පුරා සිදු කළ මෙහෙයුමකදී අක්කර 08කට වැඩි භුමි ප්‍රදේශවල වගා කර තිබූ ගංජා හේන් 07ක් වටලා තිබෙනවා.

ඒ අතර අක්කර 2 ½ ක පමණ ප්‍රදේශයක වගා කර තිබූ ගංජා පැළ 36240 කින් පමණ යුත් ගංජා හේනක්, අක්කර 2 ½ ක පමණ ප්‍රදේශයක වගා කර තිබූ ගංජා පැළ 32850 කින් පමණ යුත් ගංජා හේනක්, අක්කර 02 ක පමණ ප්‍රදේශයක වගා කර තිබූ ගංජා පැළ 28220 කින් පමණ යුත් ගංජා හේනක්, අක්කර 01 ක පමණ ප්‍රදේශයක වගා කර තිබූ ගංජා පැළ 22140 කින් පමණ යුත් ගංජා හේනක්, අක්කර ½ ක පමණ ප්‍රදේශයක වගා කර තිබූ ගංජා පැළ 12770 කින් පමණ යුත් ගංජා හේනක්, අක්කර ¼ ක පමණ ප්‍රදේශයක වගා කර තිබූ ගංජා පැළ 8520 කින් පමණ යුත් ගංජා හේනක් සහ වියලි ගංජා කිලෝ 115 ක් මෙලෙස මෙම මෙහෙයුමේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුව නඩු භාණ්ඩ ලෙස ගංජා හේන්වලින් ගංජා සාම්පල ලබා ගැනීමෙන් පසු ගංජා හේන් ගිනිතබා විනාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් වැටලීම් සිදුවන අවස්ථාවේ සැකකරුවන් පලාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21