ෂොපින් බෑග් නොමිලේ දුන් ව්‍යාපාරිකයෙක්ට අධිකරණයෙන් දඩ

දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකට අදාළව රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් වරද පිලිගැනීමෙන් පසුව රු.500,000 ක දඩ මුදලක් ඊයේ (24) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබෙනවා.

එමෙන්ම කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ද එම නගරයේ තොග වෙළදසැලකට රු.200,000 ක දඩ මුදලක්ඊයේ (24) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

තවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 2451/41 දරණ ගැසට් නිවේදනය අනුව පොලිතින් බහාලුම් මලු හෙවත් සිලි සිලි මළු සදහා මුදල් අය නොකර ලබා දීම සම්බන්ධයෙන් වරද පිලිගත් ව්‍යාපාරිකයෙකුට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රු.10,000 ක දඩ මුදලක් ඊයේ (24) නියම කරඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?