ෂොපින් බෑග් නොමිලේ දුන් ව්‍යාපාරිකයෙක්ට අධිකරණයෙන් දඩ

දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකට අදාළව රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් වරද පිලිගැනීමෙන් පසුව රු.500,000 ක දඩ මුදලක් ඊයේ (24) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබෙනවා.

එමෙන්ම කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ද එම නගරයේ තොග වෙළදසැලකට රු.200,000 ක දඩ මුදලක්ඊයේ (24) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

තවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 2451/41 දරණ ගැසට් නිවේදනය අනුව පොලිතින් බහාලුම් මලු හෙවත් සිලි සිලි මළු සදහා මුදල් අය නොකර ලබා දීම සම්බන්ධයෙන් වරද පිලිගත් ව්‍යාපාරිකයෙකුට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රු.10,000 ක දඩ මුදලක් ඊයේ (24) නියම කරඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23