මඩකලපුව පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයාගේ මරණයට හේතුව එළියට

මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු හදිසියේ මරණයට හේතුව අනාවරණ වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය විෂවීමකින් ඔහු මරණයට පත්ව ඇති බවයි.

ඔහුගේ උදරය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් හතරක් පමණ සොයාගත් බවද පොලීසිය ප්‍රකාශ කළා.

පෙරේදා රාත්‍රියේ මෙම තරුණයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු මඩකලපුව පොලීසිය වෙත රැගෙන ගොස් සිටි අවස්ථාවේදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි ඊයේ අලුයම රෝහලට ඇතුළත් කර ඇත්තේ.

එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ තරුණයා විසින් අයිස් මත්ද්‍රව්‍ය ගිලීම හේතුවෙන් ඒවා විෂවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?