මඩකලපුව පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයාගේ මරණයට හේතුව එළියට

මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු හදිසියේ මරණයට හේතුව අනාවරණ වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය විෂවීමකින් ඔහු මරණයට පත්ව ඇති බවයි.

ඔහුගේ උදරය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් හතරක් පමණ සොයාගත් බවද පොලීසිය ප්‍රකාශ කළා.

පෙරේදා රාත්‍රියේ මෙම තරුණයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු මඩකලපුව පොලීසිය වෙත රැගෙන ගොස් සිටි අවස්ථාවේදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි ඊයේ අලුයම රෝහලට ඇතුළත් කර ඇත්තේ.

එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ තරුණයා විසින් අයිස් මත්ද්‍රව්‍ය ගිලීම හේතුවෙන් ඒවා විෂවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09