20-20 ලෝක කුසලානයේ නිල කාලසටහන ප්‍රකාශයට පත් කිරීම අද

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නිල කාලසටහන අද (25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඉන්දියාවේ මුම්බායි හිදී තරගාවලියේ නිල කාලසටහන ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවියක් වන CricInfo වෙබ් අඩවියට අනුව, ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය පෙබරවාරි 15 ​​වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පවැත්වීමට නියමිතයි.

එමෙන්ම කොළඹ SSC ස ක්‍රීඩාංගණයේ දී ද මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තරගය කිහිපයක්ම පැවැත්වීමට නියමිත අතර, මේ වනවිටත් එම ක්‍රීඩාංගණය තරගාවලිය වෙනුවෙන් සූදානම් කරමින් පවතිනවා.

මේ අතර මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව බොහෝ විට B කාණ්ඩයෙන් තරග වදිනු ඇති අතර, ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය එම කාණ්ඩයෙන් තරග වදින අනෙකුත් රටවල් වනු ඇති අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?