පාසල් වෑන් රථ සඳහා සී.සී.ටී.වී. පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
ප්‍රවාහනය තුළ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන හිරිහැර වැඩි වී ඇති බවත් ඉදිරියේ දී එය අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ.
පාසල් ප්‍රවාහන සේවා සඳහා සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා ද එළඹෙන ජනවාරි මාසයේ සිට මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ද කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1





