දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 09ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.
බදුල්ල, කෑගල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් මෙම පුද්ගල මරණ වාර්තා වන බවයි අධ්‍යක්ෂවරයා පැවසුවේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇති අතර, මාර්ගවලට ගල් පෙරළීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බවයි ඔහු පැවසුවේ.
මේ අතර නාය යෑම් සහ ජල ගැලීම් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මාර්ග තව දුරටත් අවහිර වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 10ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.
එම පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, බදුල්ල, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙම නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.





