වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කරනු ලැබූ වැටලීමකදී ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස් සහ ඉබි මස් ඇතුළු දඩ මස් තොගයක් සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාවක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයේ සිටි අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි නියෝග කර තිබෙනවා.
ඊයේ (21) එම සැකකරු අධිඅකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ශරීර ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 05 බැඟින් ශරීර ඇප දෙකක් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බලපෑම් නොකරන ලෙසටද විසින් සැකකරුට තරයේ අවවාද කරා තිබුණා.
එමෙන්ම මෙම ලබන ජනවාරි මස 22 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුට නියමකර තිබෙනවා.
සැකකරු සමඟ අත් අඩංගුවට ගත් විවිධ වන සතුන්ගේ මස් කොටස්වල සාම්පල ජාතික සත්වෝද්‍යානයට යවා ඊට අදාළ වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසටද වනජීවී නිලධාරීන්ට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු සමඟ අත්අඩංගුවට ගත් ගල් ඉබ්බන් පශූ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර සුදුසු ස්ථානයකට මුදා හරින ලෙසටද නියෝග කර තිබෙනවා.















