සොරණාතොට ප්‍රාදේශීය සභාව දෙවන වරට ඉදිරිපත් කෙරුණු අයවැයත් පරාජයට පත්වී තිබෙනවා.
ජාතික ජන බලවේගයට බලය හිමිව තිබෙන මෙම ප්‍රාදේශීය සභාවේ පසුගිය 7 වන දින පැවති අයවැය පළමු වර ඡන්ද විමසීමේදී ඡන්ද තුනකින් අයවැය පරාජයට පත්වීම නිසා අද (21) දිනයේ මෙලෙස දෙවනවරට අයවැය ඉදිරිපත් කළා.
එහිදී ද අයවැයට විපක්ෂව ඡන්දය ඡන්ද 07ක් ලැබී තිබූ අතර පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 06ක් පමණයි.
ඒ අනුව එක ඡන්දයකින් මෙවරාද යවය පරාජයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් ඡන්දය විමසන අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකක් සභාවට නොපැමිණි බවට ද වාර්තා වනවා.
එමෙන්ම අද පැවති අයවැය විවාදය අතරතුර හදිසියේ අසනීප වූ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.
පසුගිය නොවැම්බර් මස 7 වන දින පැවති අයවැය පළමු වර ඡන්ද විමසීමේදී ජාතික ජන බල වේගය ඡන්ද තුනකින් පරාජයට පත්වුණි.





