නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ වට්ස්ඇප් අංකයක් අවභාවිතා කරමින් එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හිතවතුන්ගෙන් වංචා සහගත ලෙස ලක්‍ෂ 4කට ආසන්න මුදලක් ලබා ගත් බව කියන අඹු සැමි යුවලක් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(19) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා වට්ස්ඇප් හරහා ගිණුම් සාදා නයිජීරියානු ජාතිකයෙකුට විකුණා ඇති බවයි.
එම නයිජීරියානි ජාතිකයා විසින් මීට පෙරද වට්ස්ඇප් හරහා ගිණුම් හැක් කිරීම සම්බන්ධයෙන් නඩු මෙම අධිකරණයේ පවතින බවත් ඒ පිළිබඳ විමර්ශනය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ නයිජීරියානු ජාතිකයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුට ගන්නා ලෙස නියෝග කරමින් අඹුසැමි යුවළට ඇප ලබා දීමට නියෝග කළා.















