දයාසිරිගේ හැසිරීම ගැන හොයන්න පාර්ලිමේන්තුවේ කමිටුවක්

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බව කතානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලිගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ, උපාලි පන්නිලගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරුන්.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 24 වනදා සභාවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම කමිටුව පත්කර තිබෙනවා.