”ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ, ඒක හැම මහත්තයම තේරුම් ගන්න ඕනේ”- ජනපති

ජාතිවාදයට රට තුළ ඉඩක් නොමැති බව ජනාධිපතිවරයා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය තෙවන වර කියවීමේ සභාවාරය වෙත පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළා.

”අවස්තාවක් මතු වුණා ගිනි තියන්න පුළුවන්, හනුමා වලිගෙට ගිනි තියාගත්තා වගේ. හැමතැනම ගිනි තිය තිය යනවා. ජාතිවාදේට නම් ඉඩ දෙන්නේ නැහැ. ඒක හැම මහත්තයම තේරුම් ගන්න ඕනේ. කවුරු හරි උත්සහ කරනවා නම් නැවත පැරණි ජාතිවාදී නාඩගම් මේ රටේ ඇති කරන්න, ඒක ඉතිහාසයම විතරයි. ඒක වර්තමානයත් නෙවෙයි, අනාගතයත් නෙවෙයි.” යැයි ජනපතිවරයා සඳහන් කළා.”

”තාජුඩීන් ඝා#නය, පරීක්ෂණය කෙළවර වෙලා තියෙන තැන තියෙනවා, නාවික හමුදාවේ සමහර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. මම මෑතකදී අපේ පරීක්ෂණ නිලධාරීන්ගෙන් ඇහුව්වා මේක ස්වභාවික අනතුරක් ද, ඝා#නයක් ද කියලා.
ඒ පරීක්ෂණ නිලධාරීන් කිව්වා මේක ඝා#නයක් බව මහේස්ත්‍රාත්වරු තහවුරු කරලා තියෙනවා කියලා. ඒක නිසා ඒක අපි කරනවා, කරනකොට කවුරු හරි අහුවුනොත් රණවිරු දඩයම කියන්න එපා.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?