සභාපති තෝරන්න කල් ගිය සීතාවක සභාවේ බලය මාලිමාවට

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා අද (18) උදෑසන සභාව රැස්වූ අවස්ථාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන පී.කේ.ප්‍රේමරත්න සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.

උප සභාපතිවරයා ලෙස තේරී පත්වූයේ ජාතික ජන බලවේගයේ ප්‍රියන්ත අබේසිංහ යි.

මීට පෙර අවස්ථා දෙකකදී සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට සභාව රැස්වූ අවස්ථාවේ විපක්ෂ කණ්ඩායම රහස් ඡන්දයට විරෝධය පා සභාවෙන් පිටතට යාම නිසා ඝනපූර්ණය නොමැතිවීම හේතුවෙන් සභාව කල්තැබීමට සිදුවුණා.

ඒ අනුව තුන්වනවරටත් මෙලෙස අද දිනයේ සභාව රැස්කරන ලද අවස්ථාවේදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් චන්දයක් පැවැත්විය යුතු බවට මාලිමා සභිකයන් ප්‍රකාශ කරද්දී ප්‍රසිද්ධ චන්දයක් පැවැත්විය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් යෝජනා කළා.

ඒ අනුව සුදුසු චන්ද ක්‍රමය තෝරා ගැනීමට පැවති රහස් ඡන්දයේ දී ප්‍රසිද්ධ ඡන්දයකට පක්ෂව 23 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළ අතර රහස් චන්දයකට පක්ෂව ලැබූ ඡන්ද ගණන 24 ක්.

අනතුරුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සභිකයන් 23 දෙනෙක් සභාවෙන් පිටතට ගමන් කළ අතර සර්වජන බලය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙකු ඉන් පිටතට නොයෑම නිසා සභාවේ ගණ පූරණය පැවතීම හේතුවෙන් සභාවේ කටයුතු ඉදිරියට ගෙනයනු ලැබුවා.

ඉන් අනතුරුව පැවති චන්ද විමසීමේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සුනිල් ප්‍රේමරත්නට චන්ද 23 ක් හිමි වූ අතර කෝකිල සම්පත්ට පක්ෂව චන්ද ප්‍රකාශකර තිබුණේ නැහැ.

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී සීතාවක ප්‍රාදේශිය සභාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සභිකයින් 23 දෙනෙකු තේරී පත්වූ අතර , සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභිකයින් 08 ක් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභිකයින් 07 ක් ස්වාධින කණ්ඩායම නියෝජනය කරමින් සභිකයින් 03 ක් , එජාපයෙන් සහ සර්වජන බලයෙන් 02 බැගින්ද ජාතික නිදහස් පෙරමුණ හා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එක් සභිකයෙක් බැගින්ද තේරී පත්වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?