සභාපති තෝරන්න කල් ගිය සීතාවක සභාවේ බලය මාලිමාවට

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා අද (18) උදෑසන සභාව රැස්වූ අවස්ථාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන පී.කේ.ප්‍රේමරත්න සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.

උප සභාපතිවරයා ලෙස තේරී පත්වූයේ ජාතික ජන බලවේගයේ ප්‍රියන්ත අබේසිංහ යි.

මීට පෙර අවස්ථා දෙකකදී සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට සභාව රැස්වූ අවස්ථාවේ විපක්ෂ කණ්ඩායම රහස් ඡන්දයට විරෝධය පා සභාවෙන් පිටතට යාම නිසා ඝනපූර්ණය නොමැතිවීම හේතුවෙන් සභාව කල්තැබීමට සිදුවුණා.

ඒ අනුව තුන්වනවරටත් මෙලෙස අද දිනයේ සභාව රැස්කරන ලද අවස්ථාවේදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් චන්දයක් පැවැත්විය යුතු බවට මාලිමා සභිකයන් ප්‍රකාශ කරද්දී ප්‍රසිද්ධ චන්දයක් පැවැත්විය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් යෝජනා කළා.

ඒ අනුව සුදුසු චන්ද ක්‍රමය තෝරා ගැනීමට පැවති රහස් ඡන්දයේ දී ප්‍රසිද්ධ ඡන්දයකට පක්ෂව 23 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළ අතර රහස් චන්දයකට පක්ෂව ලැබූ ඡන්ද ගණන 24 ක්.

අනතුරුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සභිකයන් 23 දෙනෙක් සභාවෙන් පිටතට ගමන් කළ අතර සර්වජන බලය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙකු ඉන් පිටතට නොයෑම නිසා සභාවේ ගණ පූරණය පැවතීම හේතුවෙන් සභාවේ කටයුතු ඉදිරියට ගෙනයනු ලැබුවා.

ඉන් අනතුරුව පැවති චන්ද විමසීමේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සුනිල් ප්‍රේමරත්නට චන්ද 23 ක් හිමි වූ අතර කෝකිල සම්පත්ට පක්ෂව චන්ද ප්‍රකාශකර තිබුණේ නැහැ.

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී සීතාවක ප්‍රාදේශිය සභාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සභිකයින් 23 දෙනෙකු තේරී පත්වූ අතර , සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභිකයින් 08 ක් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභිකයින් 07 ක් ස්වාධින කණ්ඩායම නියෝජනය කරමින් සභිකයින් 03 ක් , එජාපයෙන් සහ සර්වජන බලයෙන් 02 බැගින්ද ජාතික නිදහස් පෙරමුණ හා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එක් සභිකයෙක් බැගින්ද තේරී පත්වුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41