වාකරේ පොලිස් වසමේ උරියංකට්ටුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් ඊයේ (17) දින සවස් කාලයේ ඝාතනයකර ඇති බවට වාකරේ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 22 ක් වූ තට්ටමුණෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා අතර ඇතිවූ ආරවුලක් මත සැමියා විසින් විදුලි පංකාවක වයරයකින් ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධය සිදුකිරීමෙන් පසු සැකකාර සැමියා ද වස පානය කර දැනට මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වයස අවුරුදු 25 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන අතර වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.





