ඊයේ (12) දින උදෑසන කාලයේදී ගාල්ල වරාය පොලිස් වසමේ හීනටිගල ප්‍රදේශයේදී ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 152 මිලිග්‍රෑම් 320 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් රුපියල් 3,080,000/- ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 37 ක් වන හීනටිගල, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරු ධීවර කටයුතු සඳහා පිටව ගොස් ධීවර යාත්‍රාවක් මඟින් මෙරටට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ඒම සිදුකරන ලද බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසය සඳහන් කළා.
සැකකරු සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





