මාළු ගේන මුවාවෙන් කුඩු ගෙනා ගාල්ලේ ධීවරයා අත්අඩංගුවට

ඊයේ (12) දින උදෑසන කාලයේදී ගාල්ල වරාය පොලිස් වසමේ හීනටිගල ප්‍රදේශයේදී ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 152 මිලිග්‍රෑම් 320 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් රුපියල් 3,080,000/- ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 37 ක් වන හීනටිගල, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු ධීවර කටයුතු සඳහා පිටව ගොස් ධීවර යාත්‍රාවක් මඟින් මෙරටට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ඒම සිදුකරන ලද බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසය සඳහන් කළා.

සැකකරු සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11