චන්දිමාල් නිරෝධායනයෙන් පනී.. තලවතුගොඩ රෝහලකින් මතුවේ..

නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කරන ලද පිරිස අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඇතුලත්ව නැතැයි වාර්තා වේ.

මේ වන විට ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක නැවතී සිටින බවද සඳහන්ය.

ඊයේ දිනයේ බණ්ඩාරෙවල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට පහළොස් දෙනකුගේ පමණ පිරිසක් යොමු කළ නමුත් චන්දිමාල් ජයසිංහ එහි සිටියේ නැත.

ඔහු සොයා ඔහුගේ කෝට්ටේ පිහිටි නිවසට ගිය ද එම නිවස නිවසේ ද ඔහු නො සිටි බව පොලිසිය සඳහන් කර තිබිණි.