මාලිමාවේ සහ සමගි ජන බලවේගයේ, සමඟියෙන් බේරුවල සභාවේ අයවැය සම්මත වෙයි

අද (11) උදෑසන බේරුවල නගර සභාවේ නගරාධිපති ජාතික ජන බලවේගය මොහොමඩ් මෆාහිමිගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර එහිදී ඉදිරිපත් කරන ලද අයවැය ‍ලේඛනයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධූර තුන්දෙනා සමගී ජන බලවේගයේ මන්ත්‍රී ධූර 6 දෙනාද ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් අද දින පැමිණි මන්ත්‍රී ධූර පස් දෙනාද එම අයවැයට පක්ෂව තම මතය ප්‍රකාශ කර තිබෙනවා.

බේරුවල නගර සභාව සමස්ත මන්ත්‍රී ධූර 16 කින් සමන්විතව පිහිටවනු ලැබූ අතර ,එහිදී මාලිමාව නියෝජනය කරමින් මන්ත්‍රී ධුර තුනක්ද, සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රී ධුර හයක් ද ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මන්ත්‍රී දුර 7 ක් ද වශයෙන් සමස්ත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 16ක් වනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ බලය හිමි බේරුවල නගර සභාවේ මංගල අයවැය ඒකමතිකව සම්මත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?