කරාපිටියේ කොවිඩ් වැළඳුණු අම්මාගේ මියගිය බිළිඳු කලලයටත් කොවිඩ්

කොරෝනා ආසාදිතව සිටි මවකගේ කුස තුළ දී මියගිය සති 37ක් වයසැති බිළිඳු කළලයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයක දී අනාවරණය වී තිබෙනවා

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය දිනපතා පළවන පුවත්පතකට පවසා තිබෙන්නේ එම කළලයේ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීම මගින් කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීමට හැකිවූ බවයි.

මෙලෙස මළ දරු උපතක් සිදුකර ඇත්තේ ගාල්ලේ දඩල්ල මහමුදලිමාවතේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් .

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කරන්දෙණිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට සුව වී යළි නිවසට පැමිණ සිටි ඇය පසුගිය දා සිය තුන්වැනි දරු ප්‍රසූතිය සදහා මහමෝදර රෝහලට ඇතුළත් වී තිබෙනවා .

පසුගිය 31 වැනි දා ඇගේ නූපන් බිළිඳිය කුස තුළම මියගොස් ඇති අතර මෙම මළ සිරුර සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍ය දන්දෙණියආරච්චි මහත්මිය එම සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා තිබෙනවා

දරුවාගේ මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වක් ද නැතිනම් වෙනත් හේතුවක් ද යන්න පිළිබඳ තීරණය කිරීමට සිදුවන්නේ එම වාර්තා ලැබීමෙන් පසුව බවයි වෛද්‍ය දන්දෙණිය ආරච්චි මහත්මිය වැඩිදුරටත් පවසා තිබෙන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32