රජයට විරෝධය පා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වැසේ

රජයට විරෝධය දැක්වීමක් ලෙස නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය අද (10) දිනයේ වසා දමා තිබෙනවා.

ඒ, අනුව එහි කඩවල් සියල්ල වසා දමා ඇති අතර, මෙහෙයුම් කටයුතු ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග කිසිවක් කොළඹ ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකරන බවත්, නුවරඑලිළිය ප්‍රදේශයේ එළවලු ගොවීන් ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවලු රැගෙන එමෙන් වැළකී සිටින බවයි වාර්තා වුණේ.

දේශීය වෙළදපොළේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ ලොකු ලූණු තොග පවතිද්දී රජය විසින් ලොකු ලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, ඒ සදහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරීම හේතුව මත දේශීය අර්තාපල් සහ ලොකු ලූණු ගොවීන්
දැඩි අර්බුදයකට ලක්ව සිටීමට එරෙහිව රජයට විරෝධය පා මෙම විරෝධය පළකර සිටිනවා.

මේ අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
6
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?