රජයට විරෝධය පා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වැසේ

රජයට විරෝධය දැක්වීමක් ලෙස නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය අද (10) දිනයේ වසා දමා තිබෙනවා.

ඒ, අනුව එහි කඩවල් සියල්ල වසා දමා ඇති අතර, මෙහෙයුම් කටයුතු ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග කිසිවක් කොළඹ ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකරන බවත්, නුවරඑලිළිය ප්‍රදේශයේ එළවලු ගොවීන් ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවලු රැගෙන එමෙන් වැළකී සිටින බවයි වාර්තා වුණේ.

දේශීය වෙළදපොළේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ ලොකු ලූණු තොග පවතිද්දී රජය විසින් ලොකු ලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, ඒ සදහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරීම හේතුව මත දේශීය අර්තාපල් සහ ලොකු ලූණු ගොවීන්
දැඩි අර්බුදයකට ලක්ව සිටීමට එරෙහිව රජයට විරෝධය පා මෙම විරෝධය පළකර සිටිනවා.

මේ අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
6
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58